විපක්ෂයෙන් ආ දෙදෙනකුට රාජ්‍ය ඇමැති ධුර ?


(අජන්ත කුමාර අගලකඩ)   

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ දී ආණ්ඩුවට සහාය පළ කරමින් ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධුර හිමි වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   

විසි වැනි ආණ්ඩුක්‍ර්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැණුනු අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු අට දෙනෙක් ආණ්ඩුව සමග එක්ව 20ට පක්ෂව ඡන්දය දුන්හ.   


කාරක සභා අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තියට විපක්ෂයේ එම මන්ත්‍රීවරුන් අට දෙනාට අමතරව දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් ද ආණ්ඩුව සමග එක්ව ඡන්දය දුන්හ.   


එම මන්ත්‍රීවරුන් අතරින් දෙදෙනකුට රාජ්‍ය ඇමැති ධුර ලබා දීමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචිමාර්ග කියයි.   


ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා ඇති සීමාව අනුව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 40 දෙනකු පත්කළ හැකි අතර දැනට සිටින්නේ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනකු පමණි.