විනිමය පාලන පනතට එරෙහිව ඒකාබද්ධය නඩු මගට බසී


(දයාසීලි ලියනගේ)
විනිමය පාලන පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවරන ලද වගකීම හා බලතල දේශපාලන බලධාරියකුට පවරා දීම සඳහා ඉදිරිපත් කරන ලද විදේශ විනිමය පාලන  පනතට  එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.


මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර ලබන 3 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.


මෙම පනත මගින් මහ බැංකුව දේශපාලනීකරණය කෙරෙන අතර කළු සල්ලි මෙරටට ගෙන්වා ගැනීමටත් විනිමය වෙළඳපොළ පුද්ගලික අංශයේ අභිමතය පරිදි හැසිරවීමටත් ඉඩ ලැබෙන බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.


යෝජිත විනිමය පනත මගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය, විදේශ සංචිතවලට විනිමය අනුපාතිකයට, පොලී අනුපාතයට බරපතළ බලපෑම් ඇති කරන බවද ඔහු සඳහන් කළේය.