විනිමය පාලන පනතට ඒකාබද්ධයේ දැඩි විරෝධය


(දයාසීලි ලියනගේ)
විනිමය පාලන පනතින් රටේ ආර්ථිකයට සිදුවෙන හානිය පිළිබඳව ලබන 17 වැනිදා පැවැත්වෙන ආර්ථික කටයුතු අධීක්ෂණ කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.


 මෙම විනිමය පාලන පනත පාර්ලිමේන්තුවේදී හදිසියේ සම්මත කිරීමට ඉඩකඩ ලබා නොදෙන ලෙසට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.


 මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.


මීට අමතරව විනිමය පාලන පනත තුළින් රටේ ආර්ථිකයට සිදුවෙන හානිය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.