විධායක ජනපති ක්‍රමය අහෝසියට ජනමත විමසුමක්?


(ප්‍රේමකීර්ති රණතුංග)   
ජනමත විචාරණයක් පැවැත්වීම මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හැකිදැයි දේශපාලන ප්‍රධානීන් පිරිසක් සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.   


මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රීලනිපයට සම්බන්ධ දේශපාලකයන් පිරිසක් බවද දැන ගන්නට ඇත.   

මීළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරණ දින වකවානු මෙම වසරේ ඔක්තෝබර් 5 වැනිදා විනවිට ප්‍රකාශයට පත්කළ යුතුය.   


මේ පිළිබඳ විමසූවිට හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා පවසන්නේ මෙරට පවතින ව්‍යවස්ථාව අනුව විධායක ජනපති ධුරය ඉවත් කිරීම ජනමත විචාරණයකින් පමණක් කළ නොහැකි බවයි.  විධායක ජනපති ධුරය නැති කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් සම්මත විය යුතු අතර එම යෝජනාව අනතුරුව ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. ඉදිරි ජනපතිවරණය මෙම වසරේ ඔක්තෝබර් 6 වැනිදා වනවිට ප්‍රකාශයට පත්විය යුතු බවත් ජනමත විචාරණ සහ පාර්ලිමේන්තු යෝජනා සම්මත සඳහා කාලයක් දැන් නොමැති බවත් සරත් සිල්වා මහතා කියයි.