විදේශයෙන් ගත් බැඳුම්කර ණයට ලිහිලක් නොලැබෙන හැඩ


ආචාර්ය හර්ෂ ද සිල්වා  

(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකාව පිටරටින් ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා යම් බුරුලක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය විදේශයෙන් ඉල්ලා සිටියත්, වැඩි ණය ප්‍රමාණයක් ලෙස ලබාගෙන ඇති ජාත්‍යන්තර බැඳුම්කර ණය ගෙවීම සඳහා එම අවස්ථාව නොලැබෙනු ඇතැයි වාර්තා වේ.  

ශ්‍රී ලංකා රජය මේ වසර සඳහා ජාත්‍යන්තර ණය ගැනීම් වෙනුවෙන් ඩොලර් බිලියන 4 1/2ක මුදලක් ගෙවිය යුතුව ඇති අතර, එයින් බිලියන එක හමාරක පමණ මුදලක් මේ වන විට ගෙවා ඇති බව සඳහන් වේ.  


ණය ගෙවීම් ලිහිල් කරන ලෙසට රජය කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.