විදේශ බුද්ධි අංශ අටක නිලධාරීන් ලංකාවට ඇවිත්


(ජයන්ත සමරකෝන්)  

මේ වනවිට ටවල් 8කට අයත් බුද්ධි අංශ නිලධාරීන් මෙරටට පැමිණ සිටින බව වාර්තා වේ.  

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඊශ්‍රායලය ඇතුළු රටවල් ගණනාවකට අයත් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් මෙරටට පැමිණ සිටින බව සමසමාජ පක්ෂයේ නායක හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.  


​ගෝලීය ත්‍රස්තවාදය මුවාවෙන් ඇමෙරිකාවට අපේ රට තුළට ඇතුළුවීමට අවස්ථාව සලසා දී ඇමෙරිකන් නාවික හමුදා කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කරන්නට හොර රහසේ ගිවිසුම් පවා අත්සන් කර ඇතැයි ද මහාචාර්යවරයා අනාවරණය කළේය.  


ඇමෙරිකාව දැන් ඔවුන්ගේ ඊළඟ ප්‍රාන්තය හැටියට සලකන්නේ අපේ රට බව ද, ඔවුන්ට ඕනෑම වේලාවක අපේ රටට ඇතුළුවීමට පාස්පෝට් වීසා පවා අවශ්‍ය නැතැයි ද, මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.