විදෙස්ගතව සිට එන ලාංකිකයන්ට ආරක්ෂිතව ප්‍රතිකාර කරනවා


විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන   

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

කෙරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතා ආරක්ෂිතව සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.   

මේ නිසා ශ්‍රී ලාංකික සෙසු ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතුව නැතැයිද ඇය සඳහන් කළාය.   
එසේ පැමිණෙන කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පිරිස ඉතා ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන අතර ඔවුන් වෙන් වෙන් වශයෙන් ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව රඳවා සිටියි.   


ඔවුන් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානවල සංචාරය කොට ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ඔවුන්ට ලබා දෙන ප්‍රතිකාර පිළිබඳව සොයා බලා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.   


ඔවුන් දින 14ක නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා පසුව සිය නිවෙස්වල දින 14ක්ද නිරෝධායනයට රඳවා තිබීමට කටයුතු කෙරේ.   


මේ නිසා ඔවුන් පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන අතර ඔවුන්ගෙන් සමාජයට කොරෝනා රෝගය බෝවීමේ අවදානමක් නැතැයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.