විදුලි බලාගාර ආරක්ෂාවට දුන් ටී 56 ගිනි අවි ආපසු ඉල්ලයි


(දයාසීලි ලියනගේ)   

පවතින නොසන්සුන්කාරී වාතාවරණය නිසා ජල විදුලි බලාගාරවලට හා ග්‍රීඩ් උප පොළවල් ගණනාවකට ලබා දී තිබූ ටී-56 ගිනි අවි ආපසු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා ඇත. 

මෙම ආයතනවලට කාලයක් තිස්සේ ටී-56 ගිනි අවි ලබාදී තිබූ අතර පසුව ඒවා අාරක්ෂක අමාත්‍යාංශය මගින් ලබාගෙන ඒ ඒ ස්ථානවල ගබඩාකර තිබූ බව සඳහන් වේ. මාසයකට වරක් රජයේ ආරක්ෂක නිලධාරින් පැමිණ මේවා පරීක්ෂා කර බලා යළි ගබඩා කරනු ලබයි.   


ටී 56 වෙනුවට මේවායේ ආරක්ෂක නිලධාරින්ට පතොරම් තුවක්කු ලබා දී තිබූ බව සඳහන් වේ.   


ටී-56 භාවිතය පිළිබඳව අදාළ ආයතනවල ආරක්ෂක නිලධාරින් පුහුණු කරනු ලැබූ අතර පාවිච්චියට ගනු ලැබූ මෙම ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයෙන් මිල දී ගත් බවද සඳහන්වේ.   


පතරොම් තුවක්කු ප්‍රමාණවත් නොවන නිසා යළිත් ටී-56 ගිනි අවිම ලබාදෙන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඉල්ලා ඇති බවද දැන ගන්නට ඇත.