විදුලි ඉංජිනේරුවන්ට අධිකරණයෙන් එපා කී වැටුප් ක්‍රමය යළිත්


(දයාසීලි ලියනගේ)   

විලිදු ඉංජි​නේරුවන්ගේ වැටුප සියයට 130 කින් වැඩි කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නොවන බවට අධිකරණය තීන්දු කර තිබියදීත් යළි එම වැටුප් ක්‍රමයම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

වර්ෂ 2015 සිට මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කළ අතර එය විශේෂ ඉංජි​නේරු වැටුප් ක්‍රමය නමින් හඳුන්වාදී තිබුණි. මේ ගැන විරෝධය දක්වා ලංකා විදුලිය පොදු සේවක සංගමය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබූ වැටුප් වැඩිවීම අත්හිටුවා පරණ ක්‍රමයටම වැටුප් ලබාදිය යුතු බවට තීරණය කර තිබුණි. 

 
වැටුප් වැඩිවීම අත්හිටුවන ලෙසට අධිකරණය තීන්දු කරන විටත් ක්‍රියාත්මක වෙමින් තිබූ වැටුප් වැඩිවීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තාවකාලිකව ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිය බල මණ්ඩලය තීරණය කර තිබුණි.   


එම වැටුප් වැඩිවීමම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා යළි අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.