විග්නේෂ්වරන්ට කැපිලි: දෙමළ සන්ධානය පුපුරයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර දෙමළ ජාතික සන්ධානය තුළ විශාල දෙදරීමක් ඇතිවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. දැනට දෙමළ සන්ධානය නියෝජනය කරමින් ප්‍රධාන අමාත්‍ය ධුරය දරන සී.වී. විග්නේෂ්වරන් මහතාට අවස්ථාව ලබා නොදුනහොත් මෙම දෙදරීම නුදුරේම ඇතිවනු ඇතැයි එම ආරංචිමාර්ග පැවැසීය.  

ඔහුට අවස්ථාව ලබා නොදුනහොත් දෙමළ සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ සහ දෙමළ සන්ධානයේ නියෝජිතයන් ඇතැම් සමඟ විග්නේෂ්වරන් මහතා වෙනත් පක්ෂයක් බිහිකිරීමේ සූදානමක් පවතියි.  
එහෙත් විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීමේ නිෂ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති නිසා ඒ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.  


විග්නේෂ්වරන් මහතාට උතුරේ ඇති ජනතා ප්‍රසාදය නිසා මීළඟ පළාත් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් විය යුතු බවට උතුරේ ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.  


එහෙත් දෙමළ සන්ධානය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු විග්නේෂ්වරන් මහතා නැවැත පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකර ඇත.  


 එසේ වුවහොත් දෙමළ සන්ධානයේ බෙදීම වැඩි ඈතක නොවන බව ද උතුරේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.