විග්නේෂ්වරන්ට එරෙහිව සේනාධිරාජා ඡන්දෙට


(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නැවත වරක් සී.වී. විග්නේෂ්වරම් මහතාම ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි උතුරේ ආරංචිමාර්ග පවසයි.

එහෙත් ඔහු මෙතෙක් ඉදිරිපත්වූ දෙමළ සන්ධානයෙන් නොව එම සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය විසින් එක්ව පිහිටුවාගත් සන්ධානය තුළින් ඉදිරිපත්වනු ඇතැයි විශ්වාස කෙරේ.


දෙමළ සන්ධානයට සම්බන්ධ උතුරේ දේශපාලන පක්ෂ එම සන්ධානයේ ප්‍රබල පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ක්‍රියා කලාපය අනුමත නොකරන නිසා එම පක්ෂ සන්ධානයෙන් ඉවත්වී යාමට තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රධාන අමාත්‍යධුර අපේක්ෂකයා ලෙස තරග කරනු ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.