විග්නේෂ්වරන් උතුරු-නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුරු නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් අවශ්‍ය බව තමන්ගේ මෙවර මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණ යැයි තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.  


විදේශ රටවලින් යැපෙන්නේ නැතිව තනිව නැගීසිටීමට ජනතාව හුරු කළ යුතු බවත් උතුරු නැගෙනහිර ජනතාවට ඒ පිළිබඳව වටහා දීමට තම මැතිවරණ ප්‍රතිපත්තිවලදී පියවර ගන්නා බවත් ඔහු පැවසීය. 

‘‘අපේ වැඩ අප විසින්ම කරගත යුතුයි. මෙපමණ කාලයක් අනුන් මත යැපෙමින් සිටියා. එය නතර කළ යුතුයි’’ යැයි ඔහු පෙන්වා දෙයි.  


මෙවර මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට එම කරුණු ඇතුළත් කර ඇති අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ එළිදක්වන බවද ඔහු සඳහන් කළේය.