විගණන කොමිසම අක්‍රිය වීමෙන් රජයට බිලියන ගණනක් අහිමි වෙයි


(දයාසීලි ලියනගේ)  

රජයේ නිලධාරින් රජයට සිදුකර ඇති වංචා, අලාභ හා වැඩිපුර ගෙවීම් යළි අයකර ගැනීම සඳහා පහුගිය මාස 8 ක කාලය තුළ විගණන කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා රජයට හිමිවිය යුතුව තිබූ රුපියල් බිලියන ගණනක මුදලක් අහිමි වී ඇති බව වාර්තා වේ.  

විගණන පරිපාලන කටයුතු ස්වාධීනව ඉටුකිරීම සඳහා විගණන කොමිසම පත් කරනු ලැබුවේ 2015 නොවැම්බර් මාසයේදීය. කොමිසම ක්‍රියාත්මක වීමට බලය හිමිවූයේ ගිය අගෝස්තු මාසයේ සිටය. රජයේ නිලධාරින් රජයට කරනු ලබන වංචාවන් අයකර ගැනීම සඳහා මෙම කොමිසමට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇතත් ඒ සඳහා ක්‍රියා නොකිරීම නිසා රජයට විශාල අලාභයක් සිදුවී ඇති බව වාර්තා වේ.