වැලි - පස් - කළු ගල් හාරා අතිවිශාල පරිසර හානියක්


 

(දයාසීලි ලියනගේ)  

වැලි, පස් හා කළුගල් කැණීම් සිදුකර ඇති දිවයිනේ අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයක අතිවිශාල පරිසර හානියක් සිදුවී ඇති බව එම අමාත්‍යාංශය මගින් කරන ලද සොයා බැලීමක දී අනාවරණය වී ඇත.  

මේ භූමිය යළි පුනරුත්ථාපනය කර පරිසර අලංකාරයට මූලික තැන දී මහජන ආකර්ශණය ඇති කරන ස්ථාන බවට පත් කිරීමට පියවර ගන්නා ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.  
ඇතැම් ප්‍රදේශවල ගල්කොරි 40 ක් පමණ පවතින අතර හම්බන්තොට වලව්වත්ත ගම වැලි හෑරීම නිසා විනාශ වී ඇති බව ද අනාවරණය වී ඇත. මැටි හෑරීම නිසා ඇතැම් ප්‍රදේශවල විශාල වළවල් හැදී තිබෙන අතර මේවායින් ජීවත අනතුරු සිදුවී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි. 

 
මේ ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කරන ලෙසට නියම කළ බව ද ඇමැතිවරයා සඳහන් කරයි.