වැට් අඩු කළත් දුරකථන බිල එහෙමමයි


(දයාසීලි ලියනගේ)  

සියලු දුරකථන ගාස්තුවලින් අය කෙරෙන විදුලි සංදේශ බද්ද සියයට 25 කින් අඩු කිරීමට රජය ගන්නා ලද තීරණය මෙතෙක් ක්‍රියාත්මකවී නැතැයි ජනතාව මැසිවිලි නගති.  

වැට් බදු අඩු කිරීම සඳහා රජය ගන්නා ලද තීරණයට අනුව දුරකථන ගාස්තු සඳහා අයකරනු ලබන විදුලි සංදේශ බද්ද සියයට 15 සිට සියයට 11.25 දක්වා අඩුකර ඇත. එහෙත් පාරි​භෝගිකයන් කියන්නේ දුරකථන ගාස්තු අය කිරීමේදී එම සහනය නොලැබෙන බවය.  මේ සම්බන්ධයෙන් කරනු ලැබූ විමසීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ප්‍රකාශ කළේ දුරකථන පහසුකම් සපයන සියලු ආයතන මෙම බද්ධ අඩුකර පාරිභෝගික මිල සැකසීමට එකඟතාවය දක්වා ඇති බවයි. ඒ අනුව ජනතාවගේ දුරකථන බිල අඩුවීමක් සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළේය. එසේ නොවන්නේ නම් විදුලි සං​දේශ නියාමන කොමිෂමට පැමිණිලි ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයන්ට ඉඩ සැලසී ඇත.