වසර දෙකකින්ම රැකියාව නෑ තොරණ ශිල්පීන් අසරණ වෙලා


 

  • ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය තොරණ කමිටුවේ ලේකම්  

(දුෂ්‍යන්ත කුමාර)  

රටේ බහුතරයක් බෞද්ධයන්ගේ ආගමික භක්තිය වර්ධනය කිරීම පිණිස විශාල ආර්ථික ප්‍රශ්‍්න දරාගනිමින් වෙසක් තොරණ ඉදිකළ ද, වසර දෙකකින් රටේ හදිසි තත්ත්වයන් මත ඒවා මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රදර්ශනය නොකිරීම නිසා තොරන් නිර්මාණයේ නියුතු බොහෝ පිරිසක් ආර්ථිකමය වශයෙන් අසරණ වී ඇති බව ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ කමිටුවේ ලේකම් ආර්.එම්.ඒ.පී. වරාගොඩ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  

අඩිපනහක් උසැති තොරණක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ 20ක පමණ පිරිවැයක් දැරිය යුතු බවත්, නිවාස, ඉඩම් ඇපයට තබා බැංකු ණය ලබා ගනිමින් ඉදිකරන තොරණ්වලින් එම ආදායම පියවා ගැනීමට නොහැකිවීම තොරණ හිමියන් මුහුණ දෙන මූලික ගැටලුවක් බව ද ඒ මහතා පවසයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය වැනි වගකිවයුතු ආයතනවල බලධාරීන් මෙවැනි ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.  


මෙලෙස දිගින් දිගටම පැමිණෙන ආර්ථික ප්‍රශ්න හමුවේ තොරණ් කර්මාන්තයෙන් තොරණ් හිමියන් ඉවත්වීම නිසා අනාගත පරපුරට මෙවැනි සංස්කෘතිකමය වටිනාකමක් ඇති නිර්මාණ අහිමි වී යා හැකි යැයි වරාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.