වරාය නගරයේ සුවිසල් ගොඩනැගිල්ලකට චීන සමාගමක් එයි


 

(අජන්ත කුමාර අගලකඩ)  

කොළඹ වරාය නගරයේ කුලුනු 5කින් සමන්විත, ඉතා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉඳිකිරීමට චීන සමාගමක් ඉදිරිපත්වී ඇත.  


වරාය නගරයේ හෙක්ටයාර් 6.8ක භූමි භාගයක මෙම නව ​ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරෙන අතර එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් කෝටි 100කි.  
පළමු අදියර යටතේ ඩොලර් කෝටි 40ක් ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 60ක් ද වැය කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය කලාපයේ බහු සේවා ආර්ථික කේන්ද්‍රයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

මෙම ​​ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉදිරිපත් වී ඇති චීන සමාගම වන්නේ සී.එච්.ඊ.සී. කොළඹ වරාය නගරය (පෞද්ගලික) සමාගම වේ.  


මෙහි පළමු අදියර වසර 4ක් තුළ අවසන් කෙරෙන අතර දෙවන අදියර ද වසර 4කින් අවසන් කිරීමට නියමිතය.  


මෙතරම් විශාල මුදලක් සහිතව මෙරට ආයෝජනය කෙරෙන විශාලතම සීග්‍ර සංවර්ධන ව්‍යාපෘතිය මෙය බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.