වරාය නගරයට එන්න ආයෝජකයන් 40ක් කැමැත්තෙන්


(දයාසීලි ලියනගේ)  

කොළඹ වරාය නගරය සඳහා මේ වන විට ආයෝජකයන් 40ක පමණ ප්‍රමාණයක් සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් සිටින බව වාර්තා වේ.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී CHEC වරාය නගර කොළඹ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂිකා (අලෙවි හා ව්‍යාපාර) යමුනා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 


ආයෝජකයන් 40ක පිරිසක් වරාය නගරයේ ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් දක්වා තිබෙන බවයි.  


ලෝකයේ අතිවිශාල ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මේ වනවිටත් වරාය නගරයේ ඉදිකිරීම් පිළිබඳව සෑහීමකට පත්වී සිටින බවද යමුනා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය.