වරාය නගර පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ලබන වසරේ


(අජන්ත කුමාර අගලකඩ)  
කොළඹ වරාය නගරයේ ඉදිවන පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

මහල් සියයකින් සමන්විත නව ගොඩනැගිල්ල සඳහා ඇමෙරිකානු ​ෙඩාලර් බිලියන 1.2ක පමණ මුදලක් චීනය විසින් ආයෝජනය කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මුහුද ගොඩකර ඉදි කෙරෙන කොළඹ වරාය නගරය මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු යොදා අතැයිද ඔහු කීවේය.