වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් පසු හමුදා බුද්ධි අංශයත් හවුල් කරගත්තානම් තත්ත්වය වෙනස් වෙන්න


යුද හමුදාපති මහේෂ් සේනානායක 

(ඉන්දිකා රාමනායක) 

 වනාතවිල්ලුවේ සිද්ධියේ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා බුද්ධි අංශ එක්ව සිදු කළේ නම් තත්ත්වය මෙයට වඩා වෙනස්වීමට ඉඩ තිබුණේ යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි. 

 ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය. 


 “වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගත් සිද්ධියෙන් පරීක්‍ෂණ සිදුකළ කණ්ඩායම් යුද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කළානම් අපිත් මේ ගැන සොයා බලනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපට එකතුවෙලා යන්න තිබුණ ගමනක් නැතිවුණා. මෙම පරීක්‍ෂණ සිදුකළ කණ්ඩායම් යුද හමුදාව සමඟ තොරතුරු හුවමාරු කරගැනීම, සම්බන්ධතා නොපැවැත්වීම ගැන යුද හමුදාපතිවරයා ලෙස මම කණගාටුවෙනවා.” යැයිද ජනරාල් සේනානායක මහතා මෙහිදී පැවසීය.