වතුකරයේ පවුල් 2864 කට ඉඩම් ඔප්පු දීම අද අගමැති අතින්


(දයාසීලි ලියනගේ)  
වතුකරයේ පවුල් 2864කට නිවාස අයිතිය හා ඉඩම් ඔප්පු ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (29) හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී සිදුකෙරේ.  

නායයාම්වලින් හා ස්වභාවික විපත්වලින් හානියට පත් වතුකරයේ ජනතාව සඳහා මෙම නිවාස හා ඉඩම් පරිත්‍යාග කෙරේ. එක් නිවසක් සඳහා ලක්ෂ 10ක මුදලක් වැය කර ඇත.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා මෙම වැඩපිළිවෙළ සංවිධානය කර ඇත.