වතු කම්කරු වැටුප් වැඩි කිරීම මාර්තුවේ?


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතත් මාර්තු මාසයේදී එම වැටුප ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරෙන බව කඳුරට ජනතා පෙරමුණ පවසයි.  

එසේ ලබා දෙන්නේ නම් එය වතු කම්කරු ජනතාවට ලබාදෙන විශාල සහනයක් බවත් එසේ ලබා දෙන්නේ නම් රජයට ස්තූතිය පළකරන බවත් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවැසීය.  


මෙය දීර්ඝ කාලයක් පුරා පවතින ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා විසින් එම වැටුප් ලබාදීමට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.  


මේ අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ අවධානයෙන් සිටින බවත් පොරොන්දුවූ පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.