වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා


සමානුපාතික ඡන්ද ක්‍රමයේ හොඳ ලක්ෂණ රකිනවා

ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

(සුජිත් හේවාජුලිගේ)  
ජනතාවගේ ඍජු නියෝජනය තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.  

කෙසේ වෙතත් සමානුපාතික ඡන්ද ක්‍රමයේ සාධනීය ලක්ෂණ ආරක්ෂා කරන බව ද ඔහු කීය.  


ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ අට වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සැසිවාරය විවෘත කිරීමෙන් පසුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමිනි.  
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද කීය.  


ඉලක්කම්වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් ලක්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ.  


රටේ සුරක්ෂිතතාව, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනස්කම් සිදුවිය යුතුයි.