ලෝක සාගිනි දර්ශකයෙන් ලංකාව පියවරක් පෙරට


 ගිය වතාවේ 67 මෙවර 66   

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

මෙවර ලෝක සාගිනි දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති 
පර් යේෂණ ආයතනය පවසයි.   

 රටවල් 117 ක් අතරින් ශ්‍රී ලංකාව 66 වන ස්ථානයට පැමිණ තිබේ.   


 එම ආයතනය විසින් වාර්ෂිකව නිකුත් කරන දර්ශකයට අනුව ඒ ඒ රටවල මන්දපෝෂණය, ළදරු මරණ අනුපාතයට අනුව ශ්‍රී ලංකාව එම ස්ථානයට පැමිණ ඇත.   
පසුගිය වසරේ එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්​ෙත් 67 වන ස්ථානයයි.   


සාගිනි දර්ශකයට අනුව අනතුරුද‌ායක මට්ටමේ පසුවන රටවල් 45 අතරට අසල්වැසි ඉන්දියාව ඇතුළත්වී ඇති අතර ඒඅනුව ඉන්දියාවට හිමිවී ඇත්තේ 102 වන ස්ථානයයි.   
 මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ් රාජ්‍යය, මැඩගස්කරය, යේමනය සහ සැම්බියාව ලෝක සාගිනි දර්ශකයට අනුව ඉහළම අනතුරුද‌‌ායක රටවල් බවට පත්ව ඇත.