ලෝක බැංකුව සමග කතාකර ණය ගෙවීමට කල් ගන්න


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  

(ප්‍රේමකීර්ති රණතුංග)  

ආර්ථිකය ගොඩගැනීම සඳහා මෙයට පෙර තමා යෝජනා කළ අටවැදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ නම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට මහ බැංකුවට හැකියාවක් ඇති බව හිටපු මහ බැංකු අධිපති, අගමැති ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.  

ගෝලීය වශයෙන් සෑම රටක්ම ආර්ථික අර්බුදයක ගිලී සිටියදී රාජ්‍ය සමූහයක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග සාකච්ඡා කර ණය ගෙවීම සඳහා වසර දෙකක් වැනි සහන කාලයක් ලබාගත යුතු බවත් එයින් ඉතිරිවන මුදල දේශීය ව්‍යාපාරිකයාට ප්‍රාග්ධනයක් ලෙස ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.  


අපි වසර දෙකක් වගේ කාලයක් ණය නොගෙවා සිටින්න ඉල්ලා ගත්තොත් එයින් ලොකු මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදල දේශීය ව්‍යාපාරිකයා ගලවා ගැනීමට යොද‌ාගන්න පුළුවන්. හැබැයි ඒක ණයක් නෙවෙයි. ප්‍රාග්ධනයක් විය යුතුයි. ඒ වගේම විදේශිකයො ගණනාවක් අපේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබුණා. ඉකුත් සමයේ ඔවුන් ඒවා ඉවත් කරගෙන ගියා. යළි එම පිරිස ගෙන්වා ගත්තොත් විදේශ විනිමය මෙරටට එනවා. ඒ වගේම මෙරට වැඩි කාලයක් ගත කිරීමට කැමැති තරුණයන්ට වඩා මැදිවියේ සංචාරකයනුයි, ඔවුන් වැඩි වියදමකුත් කරනවා.’ අනික පෞද්ගලික අංශයේ ඊපීඑෆ් හිමි ශ්‍රමිකයන්ට මේ වෙලාවේ තැන්පතුවෙන් සියයට විස්සක් ලබාදෙන්න ඕනැ. එයින් රුපියල් බිලියන 500 ක් එකතු වෙනවා. එය ආර්ථිකය නංවන්න ලොකු හයියක් වෙනවා. යැයි ද ඒ මහතා සඳහන් කරයි.