ලෝක නාගරික සමුළුවේ ප්‍රධාන දේශනය අගමැති රනිල්ගෙන්


(දයාසීලි ලියනගේ)  

රටවල් 125 ක රාජ්‍ය නායකයන් නගරාධිපතිවරු ඇතුළු 21000 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් හෙට (9) සිංගප්පූරුවේ පැවැත්වෙන ‘ලෝක නාගරික සතියේ’ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (8) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.  

 ආසියානු කලාපයේ ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා කර ඇති කාර්ය භාරය නිසා මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගෙන ඇති බව වාර්තා වේ.  


අග්‍රාමාත්‍යවරයා සමඟ සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම යන ඇමැතිවරු ද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව ඇත.