ලැයිස්තු සභිකයන් තේරීම ගැන ඒකාබද්ධෙන් නඩු මගට


(දයාසීලි ලියනගේ) 

පළාත් පාලන මැතිවරණයෙන් පසු ලැයිස්තුවෙන් සභිකයන් තෝරාපත් කර ගැනීමේදී අදාළ පනතින් බැහැරව කටයුතු කර ඇතැයි යන චෝදනාව මත මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය 
කර ඇත. 

 ලැයිස්තුවෙන් සභිකයන් පත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණට සභිකයන් 300 ක් එක්සත් ජාතික පක්ෂයට 140 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 35 ක් හා ඒකාබද්ධයට 8 ක් වශයෙන් සභිකයන් තේරී පත්වී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය. 


සභිකයන් තේරීමේදී මැතිවරණ කොමිසම ක්‍රියාකළ ආකාරය නීති විරෝධී බව ද ඔහු ප්‍රකාශ කළේය.