ලග්ගල නව නගරය අනිද්ද‌ා විවෘත වෙයි


(අජන්ත කුමාර අගලකඩ)

මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශය ඉදිකිරීමේදී යටවූ ලග්ගල නගරය වෙනුවට අලුතින් ඉදිවූ ලග්ගල හරිත නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා​ෙග් අතින් අනිද්දා (08) පෙරවරුවේ විවෘත කෙරේ.

මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමේදී එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලද පවුල් 3000ක් පමණ ලග්ගල ප්‍රදේශයේ නැවත පදිංචි කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසමින් මෙම නව නගරය ඉදිකර ඇත.


ඉදිකිරීම් කටයුතු අවසන් කළ කළුගඟ ජලාශය ජනතා අයිතියට පත් කිරීමද ජනාධිපතිවරයා අතින් එදිනම සිදු කරේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්ව වසර හතරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.