ලකුණ කුමක් වුවත් දෙමළ පක්ෂ සමගි ජන බලවේගය සමගයි


මන්ත්‍රි රාධ ක්‍රිෂ්ණන්

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ කුමක් වුවත් තමන්ට එය ගැටලුවක් නැතැයි කඳුරට ජනතා පෙරමුණේ නායක හිටපු රාජ්‍ය අමාත්‍ය වී, රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.  

ඒ මහතා නියෝජනය කරන කඳුරට පෙරමුණ, පලනි දිගම්බරම් මහතා නියෝජනය කරන කම්කරු ජාතික පෙරමුණ සහ මනෝ ගනේෂන් මහතා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ එකතුව සැදූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එම ලකුණ යටතේ තරග කිරීමට එකඟවී තිබේ.  


නව ලකුණ පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර ඇති නිසා නව සන්ධානයේ සහය පෙර පරිදි ලබාදීමට එම සන්ධානයේ නියෝජිතයන් එකඟවූ බව රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පැවැසීය.  


ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බිහිවූ නව සංවිධානයට සහය ලබාදී එය ජයග්‍රහණ්‍ය කරවීම සඳහා ක්‍රියා කරවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.