ලක්ෂ එකහමාරේ දුරකථන මිලදී ගත් අපේ උතුමන්ලා


රටක හැටි

(දයාසීලී ලියනගේද)

කවුන්සිලයේ ඉහළ පුටුවල සිට රට කරවන මැති ඇමැතිතුමන්ලා අතරින් ගණනාවක්ම මේ වන විට ජනප්‍රිය දුරකථන වර්ගයක අලුත්ම මාදිලියෙන් ජංගම දුරකථන මිලදී ගෙන ඇති බවත් ඉන් එකක වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් වන බවත් දැනගන්නට ඇත.  

ඇතැම් අමාත්‍යාංශවලට මැති ඇමැතින් ගණනාවක්ම සිටින අතර එයින් බහුතරයක් මෙම අලුත්ම මාදිලියේ ජංගම දුරකථන මිලදී ගෙන ඇති බව ද වාර්තා වේ.  


 ඔවුන් සඳහා ලබා දී ඇති ජංගම දුරකථනවලට අමතරව මෙම අලුත්ම මාදිලියේ දුරකථන මිලදී ගෙන ඇති බව ද දැනගන්නට ඇත.