ලක්ෂ 200ක් වැයකර හැදුවේ පෙම් හසුනක්


 

(දයාසීලි ලියනගේ)  
ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ව්‍යවස්ථා සම්පාදන කමිටුව 73 වතාවක් රැස්වීමට ලක්ෂ 200කට අධික මුදලක් වැය කර ඇතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ලියවිල්ලක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ටී. රංජිත් ද සොයිසා මහතා කීය.  

මෙය ලියවිල්ලක් වුවත්, එය එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා වශයෙන් සලකනු ලබන බවද ඔහු ප්‍රකාශ කළේය.  


මෙම ලියවිල්ලේ සඳහන් කරුණුවලට තදබල විරෝධය දක්වන ඒකාබද්ධ විපක්ෂය එය කෙටුම්පතක් ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදෙන බවද කීය.  


රටේ සංහිඳියාව විනාශ කරනු ලබන මෙම ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල පෙම් හසුනක තත්ත්වයට පත් වී ඇති බවද ඔහු කීය.