ලංකාවේ මගීන් ඇද්ද බස් 27දාහම ලොරි චැසි උඩ අටවපුවා


ප්‍රවාහන අමාත්‍යංශ වාර්තාවක් 

(අජන්ත කුමාර අගලකඩ)  

මෙරට මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංගම සහ පෞද්ගලික අංශය විසින් භාවිත කරනු ලබන බස් රථ 26985ක බස්රථ ඇණියට අයත් බස් රථ සියල්ලම පාහේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ලොරි චැසි මත ඉදිකළ ඒවා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පෙන්වා දෙයි.  
ලංගම සතුව බස් රථ 6,955 ක්ද පෞද්ගලික අංශය සතුව බස් රථ 20,030ක්ද තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.  

මෙම බස් රථවල සුවපහසු ලෙස ගමන් කිරීමට මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසා නැතැයි ද වැඩි දෙනකු සිය දෛනික ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවිත කිරීමට පෙළඹී ඇත්තේ සුවපහසු පොදු ප්‍රවාහන පද්ධතියක් නැති නිසා බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.  
ඉදිරියේ දී පහසුකම් සහිත බස් රථවලට පමණක් මගී ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය රජයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.