ලංකාවට විදුලිය දෙන්න ඇමෙරිකානු සමාගමකින් යෝජනා


(දයාසීලි ලියනගේ)   

විදුලිය ජනන බලාගාර ක්‍රියාත්මක වන තෙක් ඉදිරි වසර පහ සඳහා පවත්නා විදුලි ඉල්ලීම සපුරා ගැනීමට ඇමෙරිකානු තානාපතිනී ඇලීනා ටෙප්ලිස් මහත්මිය ඉදිරිපත් කරන ලද ද්‍රවීය ස්වභාවික වායු (LNG) ව්‍යාපෘතියක් පිහිටුවීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. 

 ඇමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රීස් එනර්ජි සමාගම මගින් 2019 නොවැම්බ්ර් මාසයේදී ඇමෙරිකානු තානාපතිවරිය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර යළි විදුලිය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.   


 ඇමෙරිකානු තානාපතිවරිය තමන් හමු වී මෙම ව්‍යාපෘතිය යෝජනා කළ බව ද එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇත.   


කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් 0.099 ක මුදලකට වසර 5 ක කාලයක් සඳහා විදුලිය සැපයීමට මෙම ව්‍යාපෘතිය යටතේ කැමැත්ත පළකර ඇත.   


 මේ වසරේ විදුලිය පාඩුව රුපියල් කෝටි 10,000 ක් බව විදුලියබල මණ්ඩලය සඳහන් කරයි.   
 විදුලිය ඉල්ලුම සපුරාලීම සඳහා 2025 වනවිට මෙ.වො. 2.749 ක ධාරිතාවක් වැඩිපුර එකතු කළ යුතුව ඇත.