රෝගීන් පිළිබඳ නිසි තොරතුරු නැතිව තීන්දු ගැනීම අමාරුයි


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය   

(දයාසීලි ලියනගේ)   

රෝගීන් හා ස්පර්ශකයන් හඳුනා ගැනීමට නිසිලෙස දත්ත තොරතුරු නොලැබීම නිසා කොරෝනා වසංගතය සම්බන්ධ තීරණ ගැනීමේ අවදානමකට මුහුණපා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.   

වසංගත රෝග අංශය මගින් රෝගීන් හා ස්පර්ශකයන් පිළිබඳව දත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට හා අනෙකුත් අදාළ අංශ වෙත ලබා නොදීම නිසා තීන්දු තීරණ ගැනීමට බාධාවී ඇතැයි වෛද්‍ය පාදෙණිය මහතා කීය.   


මෙතෙක් පැවැති කොරෝනා පොකුරුවලට වඩා මෙවර කොරෝනා ව්‍යාප්තිය බරපතල වී ඇති නිසා අදාළ තීන්දු තීරණ ගැනීමට නිසි තොරතුරු කලට වේලාවට ලැබිය යුතු බවද ඔහු සඳහන් කරයි.