රෝගය මඩින රජයේ උත්සාහයට සියලු මුස්ලිම්වරුන් අවනත විය යුතුයි


ඇඳිරි නීතියට අවනත වෙන්න   

සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය කියයි   

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දැනට පැතිර යන කොරෝනා වයිරස් රෝගය තුරන් කිරීමට රජය ගන්නා උත්‍සාහයට සියලු මුස්ලිම්වරුන් අවනත විය යුතු බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය පවසයි.   

මෙම වයිරසය පාලනය කිරීම සඳහා රජය පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ එයට අවනත වී නිවෙස් තුළම රැඳී සිට සහය දැක්වීම ඔවුන්ගේ වගකීම බවද එම සම්මේලනය පවසයි.   
රජය දැනුම් දී ඇති පරිදි විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇති අය සැඟව සිටින්නේ නම් ඔවුන් වහාම පොලීසියට විස්තර ලබාදීම සියලු මුස්ලිම්වරුන්ගේ වගකීම බව එම සම්මේලනයේ උප ලේකම් එච්.එස්.එම්. තාසීම් මව්ලවිතුමා පවසයි. 

 
පවතින වාතාවරණය හමුවේ මුස්ලිම්වරුන්ගේ වගකීම වනුයේ රජය ගන්නා සියලු උත්සාහයන්ට සහ ක්‍රියාමාර්ගවලට අවනත වීමයි.   


තොරතුරු සඟවා සිටීමෙන් ඔබටත්, ජාතියටත්, රටටත් කරන්නේ අපරාධයක් නිසා වහාම එම තොරතුරු අදාළ අංශ වෙත ලබාදීම ඔවුන්ගේ වගකීම බවද තාසිම් මවුලවිතුමන් සඳහන් කරයි.