රුවන් ද වජිර ද කරු ද? එජාප තීන්දුව හෙට


(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන හා කරු ජයසූරිය යන තිදෙනාගෙන් එක් අයෙක් තෝරා ගැනීම හෙට (14) සිදුවෙතැයි එජාප ආරංචිමාර්ග සඳහන් කරයි. 

මෙම තීන්දුව ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට (14) සිරිකොත දී රැස්වීමට නියමිතව ඇත.  


පක්ෂයේ නායකත්වය සඳහා දැනට ඉදිරිපත් වී ඇති මේ නම් තුනෙන් එක් අයෙක් තෝරා ගැනීම මෙහිදී සිදුවනු ඇතැයි බොහෝදුරට විශ්වාස කරනු ලබන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  
මීට පෙර සිදුවූ ආකාරයට හෙටත් නව නායකයෙක් තෝරා ගැනීමට නොහැකි වෙතැයි සැකයක් පවතින අතර එසේ වුවහොත් තවත් ගැටලු ගණනාවක් ඇතිවන බව ඔහු කීය.