රිෂාඩ් පමණක් නොවෙයි අන්තවාදීන් කිසිවකුත් රජයට ගන්නේ නෑ


ඇමැති අමරවීර

(දයාසීලි ලියනගේ)  

රිෂාඩ් බදියුදීන් පමණක් නොව ජාතිවාදී, ආගම්වාදී හා අන්තවාදී කිසිවෙකුගේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇතැයි ඇමැති මහින්ද අමරවීර මහතා කීය.  

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගැනීම සඳහා රිෂාඩ් බදියුදීන් රජයට සම්බන්ධ කරගැනීමට සූද‌ානමක් ඇතැයි ජනතාව තුළ කතාබහක් පවතින බවට වාර්තා වී ඇතත් කිසිසේත් එවැන්නක් නොකරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.  


 රජයට තුනෙන් දෙකකට වැඩි බලයක් ඇති නිසා රිෂාඩ් බදියුදීන් වැනි අයගේ සහායක් කොහෙත්ම අනවශ්‍ය බව ද ඔහු කීය.