රැකියා ලක්ෂයේ වැඩසටහනට උතුරු නැගෙනහිරත් එක් කරයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)   

රැකියා ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල තරුණ තරුණියන්ටත් එම අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.   

එම වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වල රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීම පසුගිය 02 වැනිදා ආරම්භ විය.   


උතුරු නැගෙනහිර ජනතාවට එම අවස්ථාව හිමි නොවීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කිරීමට කටයුතු කළ බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.   


ඒ අනුව එක රටක් එක නීතියක් යන ජනාධිපතිවරයාගේ සංකල්පය යටතේ එම පළාත්වල තරුණ තරුණියන්ටද රැකියා ලබාදීමට ජනාධිපති හා අගමැතිවරයා එකඟවී තිබේ.