රාජ්‍ය ආයතන රැසක්ම තෙල් සංස්ථාවට බ්ලියන 67ක් ණයයි


(දයාසීලි ලියනගේ) 
රාජ්‍ය ආයතනවලින් ගිය වසරේ සැප්තැම්බර් මාසය ​ෙවනවිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 67ක මුදලක් අයවිය යුතුව ඇත. 

මෙයින් ලංකා විදුලි බලමණ්ඩලය පමණක් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 48ක් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත. 


ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් සංස්ථාවට අයවිය යුතු මුදල රුපියල් බිලියන 13කි. 


එසේ වූවත් දිගින් දිගටම පාඩු ලබමින් තිබූ සංස්ථාව පසුගිය ජූලි මාසයේ සිට ලාභයක් උපයා ඇති බව ඇමැති අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. 


ඒ අනුව ගිය ජූලි මාසයේ ලාභය රුපියල් බිලියන 4.20ක් වී ඇත. අගෝස්තු මාසයේ ලාභය රුපියල් බිලියන 7.34ක් වී ඇති අතර, සැප්තැම්බර් මාසයේ ලාභය රුපියල් බිලියන 1.90ක් වී ඇත. කාර්යක්ෂම පාලනය, මුදල් නාස්තිය අවම කිරීම හා විධිමත් ක්‍රමවේදය නිසා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ උපයන තත්ත්වයට පත් වී ඇතැයි ද ඔහු කීය.