රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරයට තහංචි!


(දයාසීලි ලියනගේ)  

ජනාධිපතිවරණ සමයේ දී ඇතැම් රාජ්‍ය ආයතනවල දේශපාලන පක්ෂ නියෝජිතයන් සිදු කරනු ලබන නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල වගකීම ආයතන ප්‍රධානීන්ට පැවරීමට යයි.  

විශේෂයෙන් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන රාජ්‍ය ආයතනවල දේශපාලනඥයන්ගේ දැන්වීම්, පෝස්ටර්, කටවුට් ආදිය ප්‍රදර්ශනයවීම සිදුවන බවට පසුගිය මැතිවරණවල දී ලැබී තිබූ පැමිණිලිවලට අනුව මෙම තීරණය ගැනීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.  
මාර්ගය දෙපස පවතින පෝස්ටර් කටවුට්, බැනර් ආදිය පොලිසිය ලවා ඉවත් කරනු ලැබුවත්, රජයේ ආයතන තුළ ඇති පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කිරීමට පොලිසියට හැකියාවක් නොමැති නිසා රාජ්‍ය ආයතන තුළ පවතින මැතිවරණ ප්‍රචාරක කටයුතු වැළැක්වීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට දැඩි අවශ්‍යතාවක් පවතින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.