රාජ්‍ය අමාත්‍යංශවලටත් මුදල් වෙන්වෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

මෙවර අයවැයෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සඳහා ද වෙනම වැය ශීර්ෂ යටතේ මුදල් වෙන් කර ඇත.  මීට පෙර රාජ්‍ය ඇමැතිවරුන් සිටි නමුත් ඔවුන්ගේ අමාත්‍යංශ සඳහා අයවැයෙන් ඍජුව මුදල් වෙන් කිරීමක් සිදු නොවූ අතර අදාළ රාජ්‍ය අමාත්‍යාංශය අයත් කැබිනට් අමාත්‍යංශ වැය ශීර්ෂ යටතේ මුදල් වෙන් කෙරිණි.  

එහෙත් මෙවර රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් හා ආයතන ගැසට් නිවේදනයක් මගින් වෙන් කර ඇති නිසා ඔවුන්ගේ අමාත්‍යංශවලට වෙනමම වැය ශීර්ෂ යටතේ මුදල් වෙන්කර තිබේ.  


ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඉකුත්දා කැබිනට් අනුමැතිය සඳහා මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.