රාජපක්ෂ කෞතුකාගාරයට සංස්ථා මුදල් ගත්තා දැයි පරික්ෂණයක්


(අජන්ත කුමාර අගලකඩ)   
වීරකැටිය රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් අවභාවිත වූයේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇත.

සංස්ථාවේ මුදල් අවභාවිත වූයේද යන්න සෙවීමටත් එවැන්නක් සිදුව ඇත්නම් ඊට වගකිවයුතු සංස්ථාවේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් මෙම අභ්‍යන්තර පරීක්ෂණ දෙක ආරම්භ කර ඇති බව මහා නගර සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.