රසායනික පොහොර දෙන්න ආණ්ඩුවේ හිත යයි


(දයාසීලි ලියනගේ)  

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් තීරණය කෙරෙහි ගොවි ජනතාවගේ ප්‍රසාදයක් නොමැති බව පෙනෙන්නට ඇති නිසා රසායනික පොහොර ලබාදීමේ වැඩ පිළිවෙළ යළි විධිමත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේදී උපදෙස් දී ඇති බව වාර්තාවේ.  

රසායනික පොහොර භාවිතය තහනම් කළේ ගොවි ජනතාව වකුගඩු රෝගවලින් ආරක්ෂා කර ගැනීමටත් කාබනික පොහොර භාවිතය වඩාත් ශරීර සෞඛ්‍යයට හිතකර නිසාත් බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා එයට ගොවි ජනතාවගේ ප්‍රසාදයක් නැති බවද රසායනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් කළ යුතු බවටද උපදෙස් දී ඇත.  


මෙහිදී කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ගොවි සංගම් සමග පැවැති සාකච්ඡාවලදී රසායනික පොහොර අවශ්‍ය යැයි දැන්වූ බවයි.  


පොහොර මිලදී ගැනීම සඳහා රජය රුපියල් 2500ක මුදලක් ලබා දුන්නත් පොහොර මිටියක මිල රුපියල් 3500ක් ව තිබීමත් ගැටලුවක් බවද කෘෂිකර්ම ඇමැතිවරයා පෙන්වාදී ඇත.