රවීගේ විදුලි ගණුදෙනුවට චම්පික යළිත් එරෙහි වෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

තුර්කි සමාගමකින් මෙගාවොට් 400ක විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී රවී කරුණානායක සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.  

මෙගාවොට් 400ක විදුලිය මිලදී ගැනීමේ රවී කරුණානායක ඇමැතිවරයාගේ යෝජනාවට දැඩි විරෝධය පළකර ඇති චම්පික රණවක ඇමැතිවරයා මෙය නීතිවිරෝධි ගණුදෙනුවක් බවට ද එහිදී චෝදනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිය අර්බුදයට මුහුණදීම සඳහා මෙම විදුලිය මෙ.වොට් 400 මිලදී ගත යුතු බවත් එය ඒකකය රුපියල් 26කට ලැබෙන බවත් රවී කරුණානායක ඇමැතිවරයා එහි දී ප්‍රකාශ කර ඇත.  


ඊට සිය විරෝධය පළකර ඇති චම්පික රණවක ඇමැතිවරයා ඒකකය රුපියල් 26 බැගින් මිලදී ගන්නා බව ප්‍රකාශ කළ  ද, ආණ්ඩුව ලබාදෙන බදු සහන ආදිය නිසා එය ඒකකය රුපියල් 39ක් පමණ වන බවත්, මෙය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාගැනීම නීතිවිරෝධි බවත් ප්‍රකාශ කර ඇත.  


මීට පෙර සතියේ කැබිනට් රැස්වීමේදී ද මෙම යෝජනාව සම්බන්ධයෙන් රවී කරුණානායක, මංගල සමරවීර හා චම්පික රණවක යන ඇමැතිවරුන් අතර උණුසුම් වාදයක් හටගෙන තිබිණි.