රටින් හාල් ගේන මලික්ගේ යෝජනාවට දුමින්ද එරෙහි වෙයි


 

(අජන්ත කුමාර අගලකඩ) 
සහල් මිල පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන ඒමට ක්‍රමෝපාය සංවර්ධන ඇමැති මලික් සමරවික්‍රම මහතා ගිය සතියෙ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරියේදී එන අලුත් අවුරුදු උත්සවයත් සමග වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යා හැකි බැවින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන ආ යුතු බව සඳහන් කරමින් මලික් සමරවික්‍රම මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ. 


එහෙත් මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමත් සමග වී මිල ක්‍රමයෙන් පහළ බසිමින් තිබෙන බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් දැනට පැන නැගි නැති බව පවසමින් දමින්ද දිසානායක ඇමැතිවරයා ඊට විරුද්ධ වී ඇති බවද වාර්තා වේ. 


ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වීමේ යෝජනාව අවශ්‍ය වුවහෝත් සාකච්ඡාවටව ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත සභාව කල්දැමුණු බව රජයේ ආරංචි මාර්ග කියයි.