රටින් හාල් ගෙන්වීම අනවශ්‍ය වියදමක්


මන්ත්‍රී හර්ෂ ද සිල්වා  

(දයාසීලි ලියනගේ)  

මෙවර මහ කන්නයේ හා යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 51 ක්ව පවතිද්දී සහල් මෙ.ටො. ලක්ෂ 2 ක් පිටරටින් ගෙන්වීමට තීරණය කර තිබීම අනවශ්‍ය වියදමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.  

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන තොරතුරුවලට අනුව මෙවර 2019/ 2020 කන්නවල අස්වැන්න ඊට පෙර වර්ෂවලට වඩා සියයට 10 ක වැඩිවීමකි.  


 2004/ 2005 වර්ෂවලින් පසු දෙවැනි වතාවට වැඩිම වී අස්වැන්නක් ලබා ඇත්තේ මෙවර බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා කීය.  


රටේ පරිභෝජනයට ගන්නා සහල් සඳහා මසකට වී මෙ.ටො. ලක්ෂ 3 ක් අවශ්‍ය වෙන බව ගණන් බලා තිබෙන අතර, මෙවර වී අස්වැන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වී ඇත.  


වැඩිම වී අස්වැන්නක් ලැබුණත් පිටරටින් සහල් ගෙන්වීමට තීරණය කිරීම බලවත් මුදල් නාස්තියක් බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා කීය.