රට වැසූ මාස දෙකේ මාර්ග අනතුරු 736ක්


(දයාසීලි ලියනගේ)  

කොවිඩ් 19 වසංගතය පැවැති පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මාර්ග අනතුරු 736ක් සිදුවී ඇති බව මාර්ග අනතුරු වැළැක්වීමේ අධිකාරිය මගින් අනාවරණය කර ඇත.  

ගිය වසරේ මෙම මාස 3ක කාලය තුළ සිදුවී ඇති අනතුරු සංඛ්‍යාව 1006 කි. ගිය වසරේදී මෙම කාලය තුළ පදිකයන් 298 යතුරු පැදිකරුවන් 336 පසුපැදිකරුවන් 56, රියදුරන් 74, මගීන් 164, පාපැදිකරුවන් 78 ක් මිය ​ගොස් ඇත.  


මේ වසරේදී පදිකයන් 223, යතුරු පැදිකරුවන් 255, පසුපැදිකරුවන් 39, රියදුරන් 58, මගීන් 104, පාපැදිකරුවන් 56ක් හා වෙනත් 1ක් වශයෙන් 736 ක් මිය ​ගොස් ඇත.  


මේ වනවිට රට විවෘතව ඇති නිසා රියදුරන් වේගයෙන් ධාවනය කිරීමට පෙළඹෙන බැවින් මාර්ග අනතුරු වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා මාර්ග අනතුරු වැළැක්වීමේ අධිකාරියේ සභාපතිවරයාව නියම කර ඇත.