රජයේ ප්‍රතිපාදන මදි උතුර සංවර්ධනයට ඩයස්පෝරා සහාය ගන්නවා


 

(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුර සංවර්ධනයට මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් මධ්‍යම රජයෙන් මුදල් ලබා නොදන්නේ නම් දෙමළ ඩයස්පෝරාවෙන් හෝ මුදල් ලබාගෙන උතුර සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.


පසුගිය වසරේ උතුරු පළාතට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොවන නිසා උතුරේ සංවර්ධන කටයුතු බොහෝමයක් අඩාළ වී තිබේ. උතුර සංවර්ධනය කිරීමට මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නැතැයි තමන් ජනාධිපතිවරයාගේත් මුදල් අමාත්‍යවරයාගේත් අවධානය යොමුකළ බවද ඔහු පැවැසීය.


දෙමළ ඩයස්පෝරාවෙන් ලබාදෙන මුදල් සංවර්ධන කටයුතු සඳහා යොදවන ආකාරය පිළිබඳ මධ්‍යම රජය විසින් සොයා බැලිය හැකි බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.