රජයේ නිලධාරීන්ගේ රට ගමන් සීමා කරයි


(දයාසීලි ලියනගේ)

සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ඇතැම් රාජ්‍ය ආයතන පවත්වනු ලබන පාඨමාලාවලදී විදේශ අධ්‍යයන චාරිකා හෝ කේෂ්ත්‍ර චාරිකා ඉවත්කර පාඨමාලා නැවත සැලසුම් කිරීමට කටයුතු කරන ලෙසට මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 

සේවා ව්‍යවස්ථාවල අවශ්‍යතා සඳහා අදාළවෙන්නාවූ අධ්‍යයන පාඨමාලා සහ නිලධාරීන්ගේ රාජකාරිය සමග ඍජුව සම්බන්ධතාවක් පවතින පුහුණුවීම් හෝ පාඨමාලා සඳහා පමණක් සීමා කළ යුතු බවද සඳහන් කර ඇත.