රජයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට


 

(දයාසීලි ලියනගේ)  
ඉදිරි වසර 8ක කාලයක් සඳහා සම්මුතිවාදී රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හෙට (4) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී....

එළිදැක්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය එළිදක්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.  


රටේ ආර්ථික සංවර්ධනය සෙමින් ඉදිරියට යාම වෙනුවට වෙළඳපොළ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා වන ප්‍රතිසංවිධාන රාශියක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් එළිදක්වන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.